ඔයා මගේ ලඟටම වෙලා ආපහු මගේ හිත අස්සෙ හොල්මන් කරන්න පටන් අරන්. එදා මාව එපා කියල අත් අත්ඇරල ගිහින් දැන් ආපහු මගේ ජීවිතේට එන්න හදන්නෙ මට ආපහු රිද්දන්නද?
මං ඒ දවස්වල හීනයක් දැක්කත් ඒ හැම හීනෙකම හිටියේ ඔයා. මං හීන මැවුවෙත් ඔයා ගැන විතරමයි. ඒ ගෙවපු අතීතය තමයි මගෙ ජීවිතය. අද වෙනකොට ඒ හැමදෙයක්ම මතකයන් විතරයි. ඒ දවස්වල ඔයාට මතකද? ඔයා දුක්වෙන හැම වෙලාවකම ඔයා මගේ උරහිසේ හිස තියාගෙන කඳුලු හලද්දි මම ඔයාගෙ දුක බෙදාගෙන ඔයාගෙ තනියට ලඟින් උන්නා. ඒත් මම එදාත් හිතුවෙ ඔයා අහසක් වගේ කියලා. මට කවදාවත්ම ලං වෙන්න බැරි. ඒත් මම කවදාවත් ඔයාව දාලා ගියෙ නැහැ.
ආදරේ ගැන අකුරක්වත් නොදැන හිටපු මට ආදරේ කියල දීලා ඒ හීන ලෝකෙට මාව අරන් ගියේ ඔයා. ඒ හීන ලෝකේ මාව අතරමං කරලා මාව දාලා ගියෙක් ඔයාමයි. දැන් ආපහු පාරක් මගේ ජීවිතේට එන්න හදන්නේ ආයෙත් මගේ ලෝකෙ දුකෙන්ම පුරවන්නද?
මං මවපු හීන හැම එකක්ම මිරිඟුවක් කියල මම තේරුම් ගන්නකොට ඔයාත් මාව දාලා ගොඩක් දුර ගිහින්. ඒ දුක මම තනියම දරාගන්නේ කොහොමද කියල මට තාමත් හිතාගන්න බැහැ. යාලුවො දාහක් අතරෙ හිටියත් ඔයා නැති පාලුව මකන්න ඒ කාටවත් බැහැ. ඒ වුනත් මං දැන් දන්නවා. ඔයාගෙ ආදරෙත් සල්ලි මත රැඳුන මායාවක් විතරයි. ඔයාට ඕන වුනේ සල්ලි තියෙන යාන වාහන තියෙන කොල්ලෙක්. ආදරේ නියම තේරුම තේරුම් නොගත්ත ඔයා එදා ඒ විදිහට මාව අත් ඇරලා ගිහින් දැන් ආපහු මගේ ජීවිතේට එන්න හදන්න එපා. මට මේ තනිකම පුරුදුයි.
No comments:
Post a Comment